පුද්ගලයෙකුගේ බැංකු ගිණුමට හොරෙන් ඇතුළු වී ලක්ෂ 40ක් ඇද්ද අයෙක් රක්ෂිත බන්ධනාගාරයට

නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ බැංකු ගිණුමට අනවසරයෙන් ඇතුළු වී එම ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 40ක් වංචා සහගතව ලබාගත් බව කියන සැකකාර පුද්ගලයකු මෙම මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (09) නියෝග කළා.

කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් නිසාර් මොහොමඩ් ෂපාම් නැමැති පුද්ගලයකු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

නුගේගොඩ තිලකරත්න මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

සැකකාර පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කරමින් එම විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ ඉහත සඳහන් පැමිණිල්ලිකාර පුද්ගලයා ඉඩමක් විකිණීම සඳහා අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළකර තිබූ බවත් සැකකාර පුද්ගලයා එය ලබාගන්නා මුවාවෙන් පැමිණිල්ලිකාර පුද්ගලයාගේ ගිණුම් අංක ලබාගෙන ඇති බවයි.

පැමිණිලිකාර පුද්ගලයාගේ ගිණුම් අංක ලබාගත් සැකකාර පුද්ගලයා පරිගණක දත්ත පද්ධතියක් ඔස්සේ පැමිණිකරුගේ බැංකු ගිණුමට ඇතුල්වී එහි තිබූ රුපියල් ලක්ෂ හතළිහක් වංචා සහගතව ලබාගෙන ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

සැකකාර පුද්ගලයා ඔහුට හිතවත් තවත් පිරිසක් සමඟ එක්ව මෙම වංචා සහගත සිද්ධිය සිදුකර ඇති බවත්, වංචා සහගතව ලබාගත් මුදල් සැකකාර පුද්ගලයාගේ බැංකු ගිණුම් පහකට බැර කර ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක් වූ කරුණුවලින් හෙළි වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් සැකකාර පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කළ කරුණු දැක්වීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔහුව එසේ මෙම මස 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39