කලවාන – දෙල්ගොඩ, ගෝනලකන්ද ප්‍රදේශයේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවි තුනක් සමග සැකකරුවකු පසුගියදා (10) අත්අඩංගුවට ගැනුණා.
කලවාන පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙන බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
සැකකරු සමග තුවක්කු, වෙඩි බෙහෙත්, හිස් පතොරම් කොපු, කසිප්පු, තුවක්කු බට, කසිප්පු පෙරීමේ උපකරණ අත්අඩංගුව ගත් බව වාර්තාවනවා.
සැකකරු එක් ගිනි අවියකින් ඔහුගේ පුතෙකුට වෙඩි තැබීමට උත්සහා කර ඇති අතර එම පුතා විසින් ඔහුගෙන් තුවක්කුව උදුරාගෙන පොලිසිය වෙත භාර දී ඇති බවයි පැවසෙන්නේ.
පසුව පොලිසිය ඔහුගේ නිවස පරීක්ෂාවට ලක් කිරීමේදි ඉහත ගිනිඅවි ඇතුළු උපකරණ හමුව තිබෙනවා.
එක් තුවක්කුවක් නිවස අසල බැද තිබිය දී සොයා ගත් බව ද පොලිසිය පැවසුවා.
එම තුවක්කුව සතුන් දඩයම් කිරීම පිණිස මෙලෙස බැඳ දමා ඇති බව විමර්ශනවල දී අනාවරණය වූ පොලීසිය සඳහන් කළා.
සැකකරු 74 හැවිරිදි වියෙහි පසුවන කම්මල්කරුවෙකු ලෙස කටයුතු කරන්නෙක්.
අත්අඩංගුවට ගත් සැකකරු කලවාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත 11 වැනිදා ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම මස මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කලවාන මහේස්ත්‍රාත් නයනී කරුණාරත්න මහත්මිය නියෝග කළා.