පුතාගේ පහරදීමෙන් පියා මරුට

පුත්‍රයා විසින් පහරදීමක් හේතුවෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය 11 වනදා කිලිනොච්චි කනගපුරම් ප්‍රදේශයේදී මෙලෙස පහරකෑමට ලක්ව තිබුණේ 53 හැවිරිදි පුද්ගලයෙක්.

පහරදීමට සම්බන්ධ 20 හැවිරිදි සැකකරු කිල්නොච්චි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පවුල් ආරවුලක් හේතුවෙන් පුත්‍රයා විසින් මෙලෙස තම පියාට පහරදී ඇති බවටයි මූලික විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.

මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ පසුගිය මාස කිහිපයක කාලය තුල මෙලෙස දරුවන් විසින් පහරදීම හේතුවෙන් පියා ඝාතනය කළ අවස්ථා කිහිපයක් දක්නට ලැබුණු බවයි. මෙය ඉතා කණගාටුදායක තත්වයක් වන අතර මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට පවුල්වල අනෙක් සාමාජිකයන්ගේ ද මැදිහත්වීම අත්‍යවශ්‍ය වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?