spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුත්තලම නගර සභාවට තරඟ වදින එජාපයේ අපේක්ෂකයෙක් ළඟ හෙරොයින්

අද (17) දින පුත්තලම මුලස්ථාන පොලිසියෙ දුෂණ මර්ධන අංශය මගින් පුත්තලම නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂකයකු, ඔහු සන්තකයේ තිබූ හොරෝයින් ග්‍රෑම් 03 මිලි ග්‍රෑම්ස් 260 කට ආසන්න ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් බව පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගර සභා නිවාස වල පදිංචි 54 හැවිරිදි සැකකරුවෙක්.

ලැබුන තොරතුරක් මත පොලිස් නිළධාරින් විසින් වැටලීම් කර මෙම සැකකාර .ජා.ප.අපේක්ෂකයා අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදි මෙම හෙරෝයින් තොගය මන්ත්‍රිවරයාගේ අත රඳවා ගෙන තිබු බවත් ඒ වන විටත් එය ගැනුම්කරුවකු ලබා ගැනිමට පැමිණෙන තුරු බලා සිටි බවද පොලිස් නිළධාරින් ප්‍රකාශ කරනවා.

අදාල සැකකරු මෙයට පෙර අවස්ථා තුනකදී හෙරෝයින් සම්බන්ධ නඩු තුනක් වෙනුවෙන් බන්ධනාගාර ගතවු අයකු බවත් පොලිසිය සඳහන් කරනවා.

මොහු හෙරෝයින් නඩුවක් සම්බන්ධයෙන් වසර 14 කට ආසන්න කාලයක් සිර දඩුවමි විඳිමින් පැමිණ ඇති බවට පොලිසියට මේ වන විට තොරතුරු ලැබි ඇති බවත් ඒ පිළිබද අනාවරණය කර ගැනිමට අදාළ තොරතුරු සොයන බවද වැටලිම කළ නිළධාරින් පවසවා.

අත් අඩංගුවට ගත් සැකකරු අද (17) දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුත්තලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?