AFC Banner
AFC Banner
Empty Ad

පුටුවෙන් වැටී මියගිය බව කියූ ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් වෙයි

පුටුවෙන් වැටී හිසට බරපතල තුවාල සිදු වූ බවට සැක කර රෝහල්ගත කළ පානදුර මාලමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ හිසට මොට ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ 54 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.

ඔහු මධ්‍යම රාත්‍රී වන තෙක් තම වෙළඳසැල විවෘත කරගෙන සිටීම පුරුද්දක් කරගෙන ඇති අතර පසුගිය 6 වනදා ද ඔහු එලෙස මධ්‍යම රාත්‍රිය වන තෙක් විවෘත කරගෙන සිට ඇතැයි සඳහන්.

ඔහුට ආහාර සපයන පුද්ගලයා ව්‍යාපාරිකයා හමුවීම සඳහා වෙළඳසැලට පැමිණි අවස්ථාවේදී ඔහු පෙනෙන්නට නොසිටීම හේතුවෙන් සොයා බැලීමේදී මුදල් අයකැමි මේසය අසල හිසෙන් ලේ ගලන තුවාල සහිතව වැටී සිටින අයුරු දැක තිබෙනවා.

වහා ක්‍රියාත්මක වූ එම පුද්ගලයා ඒ සම්බන්ධව පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දැනුම් දී ගිලන් රථ මගින් පානදුර මූලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී මූලික ප්‍රතිකාර ලබාදී කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබූ ව්‍යාපාරිකයා ජාතික රෝහලේ වෛද්‍යවරුන් විසින් නැවතත් පානදුර මූලික රෝහල වෙත යොමු කර ඇති අතර ඊයේ (08) ඔහු මියගොස් තිබෙනවා.

අදාළ මරණය ව්‍යාපාරිකයා මුදල් අයකැමි මේසය අසල අසුන් ගෙන සිටියදී පුටුවෙන් ඇද වැටී හිසට සිදුවූ තුවාල හේතුවෙන් සිදු වූ එකක් යැයි අනුමාන කළ ද පානදුර අධිකරණයට ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත්වරිය පැමිණ විමර්ශන සිදුකර නියෝග කර ඇත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසටයි.

ඒ අනුව පානදුරට මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වමින් සිටියදී එය මදකට නතර කර යළි සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශන සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තම වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙම මරණය හිසට මොට ආයුධයකින් සිදු වූ පහරදීමක් හේතුවෙන් සිදු වූ එකක් බවට යි.

ඒ අනුව ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
3
+1
7
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?