පුටුවෙන් වැටී මියගිය බව කියූ ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් වෙයි

පුටුවෙන් වැටී හිසට බරපතල තුවාල සිදු වූ බවට සැක කර රෝහල්ගත කළ පානදුර මාලමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ හිසට මොට ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ 54 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.

ඔහු මධ්‍යම රාත්‍රී වන තෙක් තම වෙළඳසැල විවෘත කරගෙන සිටීම පුරුද්දක් කරගෙන ඇති අතර පසුගිය 6 වනදා ද ඔහු එලෙස මධ්‍යම රාත්‍රිය වන තෙක් විවෘත කරගෙන සිට ඇතැයි සඳහන්.

ඔහුට ආහාර සපයන පුද්ගලයා ව්‍යාපාරිකයා හමුවීම සඳහා වෙළඳසැලට පැමිණි අවස්ථාවේදී ඔහු පෙනෙන්නට නොසිටීම හේතුවෙන් සොයා බැලීමේදී මුදල් අයකැමි මේසය අසල හිසෙන් ලේ ගලන තුවාල සහිතව වැටී සිටින අයුරු දැක තිබෙනවා.

වහා ක්‍රියාත්මක වූ එම පුද්ගලයා ඒ සම්බන්ධව පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දැනුම් දී ගිලන් රථ මගින් පානදුර මූලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී මූලික ප්‍රතිකාර ලබාදී කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබූ ව්‍යාපාරිකයා ජාතික රෝහලේ වෛද්‍යවරුන් විසින් නැවතත් පානදුර මූලික රෝහල වෙත යොමු කර ඇති අතර ඊයේ (08) ඔහු මියගොස් තිබෙනවා.

අදාළ මරණය ව්‍යාපාරිකයා මුදල් අයකැමි මේසය අසල අසුන් ගෙන සිටියදී පුටුවෙන් ඇද වැටී හිසට සිදුවූ තුවාල හේතුවෙන් සිදු වූ එකක් යැයි අනුමාන කළ ද පානදුර අධිකරණයට ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත්වරිය පැමිණ විමර්ශන සිදුකර නියෝග කර ඇත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසටයි.

ඒ අනුව පානදුරට මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වමින් සිටියදී එය මදකට නතර කර යළි සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශන සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තම වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙම මරණය හිසට මොට ආයුධයකින් සිදු වූ පහරදීමක් හේතුවෙන් සිදු වූ එකක් බවට යි.

ඒ අනුව ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37