“පුටින්ගේ මොළය” ඝාතන තැත වැරදී දියණිය ජීවිතක්ෂයට

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ සමීපතමයෙකුගේ දියණියක් ගමන් ගත් මෝටර් රථය පුපුරා යෑමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මොස්කව් අගනුවර අධිවේගී මාර්ගයක දී මෙම පිපිරීම සිදුව ඇති අතර පිපිරීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ව්ලැද්මීර් “පුටින්ගේ මොළය” ලෙසින් හැඳින්වෙන ඇලෙක්සැන්ඩර් ඩූගින් ගේ දියණියයි.

ඩාරියා ඩූගින් නම් අදාල තරුණිය සෙනසුරාදා සවස පැවැති උත්සවයකට සහභාගි වී නැවත තම නිවසට මෝටර් රථයෙන් යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි විදෙස් මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත් රුසියානු බුද්ධි අංශ සඳහන් කළේ මෙම ප්‍රහාරය ඇලෙක්සැන්ඩර් ඩූගින් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයක් බවයි.

ඇලෙක්සැන්ඩර් ඩූගින් සිය දියණිය සමඟ එම රථයේ ගමන් කිරීමට සැලසුම් කර සිටියත් අවසන් මොහොතේ එම තීරණය වෙනස් කිරීමත් සමඟ ඔහුගේ ජීවිතය බේරුණු බවයි රුසියානු බුද්ධි අංශ සඳහන් කර සිටියේ.

30 හැවිරිදි ඩාරියා ඩුගිනා වෘත්තියෙන් මාධ්‍යවේදිනියක් වන අතර, ඇලෙක්සැන්ඩර් ඩූගින් රුසියානු ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙකු වන අතර “පුටින්ගේ මොළය” යන අන්වර්ථ නාමයන් හඳුන්වනු ලබනවා.

ඇලෙක්සැන්ඩර් ඩූගින් සැලකෙන්නේ අන්ත ජාතිකවාදී මතවාද දරන්නෙකු ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?