නිධානයකින් ගත් රත්තරන් බව පවසා කෝටි ගණනකට විදින්න ගිය දෙදෙනෙක් මාට්ටු

මුදලකට අනිධානයකින් ලබාගත් රත්තරන් බව පවසමින් කිලෝග්රැම් 3.5ක් බරැති රන්වලට සමාන ලෝහ කැබලි දෙකක් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකලෙවි කිරීමට සැරසුණු පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින්ට හැකිව තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම පෙරේදා (23) දිනයේ සිදුව ඇති අතර උපාය දූතයෙක් යොදවා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් විසින් බණ්ඩාරවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් අමතා නිධානයකින් ලබාගත් රත්තරන් කැබලි ඔවුන් සතු බවත් එය අලෙවි කරන බවටත් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් එම ව්‍යාපාරිකයා විසින් ඒ සම්බන්ධයෙන් පොලිසියට කළ දැනුම්දීමක් අනුව පොලිසිය විසින් උපාය දූතයෙක් යොදවා සැකකරුවන් ලබා දුන් දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වී ඔවුන්ව බණ්ඩාරවෙල, දිගනතැන්න ප්‍රදේශයට ගෙන්වා ගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරුවන් තිදෙනෙක් වෑන් රථයකින් අදාළ ස්ථානයට පැමිණ ඇති අතර පොලිසිය අත්අඩංගුවට ගැනීමේ දී වෑන් රථය තුල සිටි එක් පුද්ගලයෙක් පැනගිය බවත් අනෙක් සැකකරුවන් දෙදෙනා වෑන් රථය සහ රත්තරන් බවට පවසන ලද රන් පැහැති ලෝහ කැබැලි දෙක සමග අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 31 සහ 45 හැවිරිදි වියේ පසුවන බදුලුපිටිය සහ මිරහාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

නිධානයකින් ලබාගත් බව කියන ලෝහ කැබලිවල කිසියම් පුරාවිද්‍යා වටිනාකමකින් යුක්තද යන්න පිළිබඳව වාර්තාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ලබා ගැනිමට නියමිත බවද පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29