“පුටින්ගේ මොළය” ඝාතන තැත වැරදී දියණිය ජීවිතක්ෂයට

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ සමීපතමයෙකුගේ දියණියක් ගමන් ගත් මෝටර් රථය පුපුරා යෑමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මොස්කව් අගනුවර අධිවේගී මාර්ගයක දී මෙම පිපිරීම සිදුව ඇති අතර පිපිරීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ව්ලැද්මීර් “පුටින්ගේ මොළය” ලෙසින් හැඳින්වෙන ඇලෙක්සැන්ඩර් ඩූගින් ගේ දියණියයි.

ඩාරියා ඩූගින් නම් අදාල තරුණිය සෙනසුරාදා සවස පැවැති උත්සවයකට සහභාගි වී නැවත තම නිවසට මෝටර් රථයෙන් යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි විදෙස් මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත් රුසියානු බුද්ධි අංශ සඳහන් කළේ මෙම ප්‍රහාරය ඇලෙක්සැන්ඩර් ඩූගින් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයක් බවයි.

ඇලෙක්සැන්ඩර් ඩූගින් සිය දියණිය සමඟ එම රථයේ ගමන් කිරීමට සැලසුම් කර සිටියත් අවසන් මොහොතේ එම තීරණය වෙනස් කිරීමත් සමඟ ඔහුගේ ජීවිතය බේරුණු බවයි රුසියානු බුද්ධි අංශ සඳහන් කර සිටියේ.

30 හැවිරිදි ඩාරියා ඩුගිනා වෘත්තියෙන් මාධ්‍යවේදිනියක් වන අතර, ඇලෙක්සැන්ඩර් ඩූගින් රුසියානු ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙකු වන අතර “පුටින්ගේ මොළය” යන අන්වර්ථ නාමයන් හඳුන්වනු ලබනවා.

ඇලෙක්සැන්ඩර් ඩූගින් සැලකෙන්නේ අන්ත ජාතිකවාදී මතවාද දරන්නෙකු ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46