පුංචි ඡන්දය විමසීම කල් දැමීමට එරෙහි පෙත්සම් විභාගය කල් යයි

පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් විභාගය මේ මස 29 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීන්දු කළා.

මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, ගාමිණී අමරසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (21) දින කැඳවනු ලැබුවා.

එහෙත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද දින නිසියාකාරව සංයුක්ත වී නොමැති හෙයින් එම පෙත්සම සලකා බැලීම ලබන 29 වනදා දක්වා කල් තබන බව විනිසුරු මඩුල්ල නිවේදනය කළා.

2023 වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම අත්තනෝමතික ලෙස කල් දැමීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41

?