නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කිලෝ මීටර් 370ක් ඊසාන දෙසින් ස්ථානගතව ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඒ, හේතුවෙන් අද (24) සහ ඉදිරි දින කිහිපයේදී (25 සහ 26 යන දිනයන්හිදී) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද දන්වා සිටිනවා.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.
මේ අතර, උතුරු, නැගෙනහිර, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් (40-50)ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමමේන්තුව සඳහන් කර සිටියා.














