පීඩන අවපාතය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කිලෝ මීටර් 370ක් ඊසාන දෙසින් ස්ථානගතව ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ, හේතුවෙන් අද (24) සහ ඉදිරි දින කිහිපයේදී (25 සහ 26 යන දිනයන්හිදී) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද දන්වා සිටිනවා.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

මේ අතර, උතුරු, නැගෙනහිර, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් (40-50)ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමමේන්තුව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුකඩු රෝග සෑදීමේ නව ප්‍රවණතාවයක් - රෝග වැඩිවීමට බලපාන ප්‍රධාන හේතු මෙන්න
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත සොරදෙටුවා
00:31
Video thumbnail
තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
අලෙවිසැලක වීදුරුව බිඳලා ලක්ෂ 10ක බඩු උස්සපු පොඩි කොල්ලෝ
01:27
Video thumbnail
දැදිගමට ගිය නාමල්ව මිනිස්සු වට කරගයි - "නාමල් මහත්තයට ජයවේවා..! අපේ ගමටත් ආවනේද සර්"
00:57
Video thumbnail
ආශු මාරසිංහ හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි - 225ස් දෙනා පරිස්සම් වෙලා ඉන්න
03:09
Video thumbnail
යන හැම තැනම කියන්නේ ආකර්ෂණීයම ජනපති අපේක්ෂකයා නාමල් කියලා - ඉතා පරිණත විදියට කතා කරන්නේ
02:32