AFC Banner
Empty Ad
Empty Ad

පිළිකා රෝගී මවක් සහ ඇගේ දරුවන් අසරණ කළ කුලී නිවසේ හිමිකරු

කුලී නිවසක පිරිසක් පදිංචිව සිටියදී අයිතිකරුවන් විසින් එහි වහලය ගලවාගෙන ගිය පුවතක් වාර්තා වනවා. මෙම සිදුවීම වී ඇත්තේ මහරගම, නාවින්න දේවානන්ද මාර්ගයේ නිවසකයි.

අදාළ පුද්ගලයන් වසර 9ක සිට එම නිවසේ කුලී පදනම මත පදිංචි වී සිට ඇති අතර පසුගිය වසරේදී නිවසේ අයිතිකරු විසින් නිවසෙන් පිටව යන ලෙස ඔවුන්ට දැනුම්දී තිබෙනවා.

නමුත් කුලී පදිංචිකරුවන් පවසන්නේ රට තුළ පැවති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එම කාලයේදී රට වසා දැමීමත් සමඟ ඔවුන්ට නිවසින් පිටව යාමට නොහැකි වූ බවයි.

පසුව නිවෙස් හිමියා පැමිණ කුලී නිවැසියන් සිටියදී අදාළ නිවසේ වහලය ගලවා දමා තිබෙනවා.

වහලය ගලවා දැමීම නිසා නිවස තුළ තිබුණු බඩු සියල්ල වර්ෂාවට තෙමී විනාශ වී ඇති අතර එහි වෙසෙන පිලිකා රෝගී වයෝවෘද්ධ මව සහ ඇයගේ දරුවන් දෙදෙනා මේ හේතුවෙන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?