AFC Banner
AFC Banner
Empty Ad

පිහිනුම් පුහුණුවීම් නැවතූ මාදම්පා ගඟේ කිඹුල් තර්ජනය

අම්බලන්ගොඩ – මාදම්පා ගඟෙහි ඇති වූ කිඹුල් තර්ජනයක් හේතුවෙන් එහි පිහිනුම් ක්‍රීඩාවෙහි පුහුණුවීම් සිදු කරන ක්‍රීඩකයින්ට තම පුහුණු වීම් සිදු කරගත නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙම මාදම්පා ගඟෙහි ජාතික මට්ටමේ පවා පිහිනුම් තරග පැවැත්වෙන ස්ථානයක් බවයි.

නමුත් දින කිහිපයක සිට කිඹුලෙකු මෙම පුහුණුවීම් සිදු කරන ස්ථානයන් හි ගැවසෙන බැවින් මේ වනවිට පුහුණුවීම් කටයුතු නවතා දමා තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් හික්කඩුව වනජීවී කාර්‍යාලයට ද දැනුම් දී තිබෙන අතර, ඔවුන් කිඹුලා අල්ලා ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් වාර්තා වනවා.

පිහිනුම් ක්‍රීඩා සමාජ 04ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම මාදම්පා ගඟෙහි සිය පුහුණුවීම්වල නිරත වන හෙයින්, මේ වනවිට කිඹුලා අල්ලා ගැනීම සඳහා ඊයේ රාත්‍රියේ දී කොළඹ – අත්තිඩිය කාර්‍යාලයෙන් විශාල කූඩුවක් ද අම්බලන්ගොඩට රැගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?