පිහිනුම් පුහුණුවීම් නැවතූ මාදම්පා ගඟේ කිඹුල් තර්ජනය

අම්බලන්ගොඩ – මාදම්පා ගඟෙහි ඇති වූ කිඹුල් තර්ජනයක් හේතුවෙන් එහි පිහිනුම් ක්‍රීඩාවෙහි පුහුණුවීම් සිදු කරන ක්‍රීඩකයින්ට තම පුහුණු වීම් සිදු කරගත නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙම මාදම්පා ගඟෙහි ජාතික මට්ටමේ පවා පිහිනුම් තරග පැවැත්වෙන ස්ථානයක් බවයි.

නමුත් දින කිහිපයක සිට කිඹුලෙකු මෙම පුහුණුවීම් සිදු කරන ස්ථානයන් හි ගැවසෙන බැවින් මේ වනවිට පුහුණුවීම් කටයුතු නවතා දමා තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් හික්කඩුව වනජීවී කාර්‍යාලයට ද දැනුම් දී තිබෙන අතර, ඔවුන් කිඹුලා අල්ලා ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් වාර්තා වනවා.

පිහිනුම් ක්‍රීඩා සමාජ 04ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම මාදම්පා ගඟෙහි සිය පුහුණුවීම්වල නිරත වන හෙයින්, මේ වනවිට කිඹුලා අල්ලා ගැනීම සඳහා ඊයේ රාත්‍රියේ දී කොළඹ – අත්තිඩිය කාර්‍යාලයෙන් විශාල කූඩුවක් ද අම්බලන්ගොඩට රැගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21