පිලිපීන ගිනි කන්දක් අසලින් ගුවන් යානයක සුන්බුන් සහ සිරුරු හමුවෙයි

පසුගිය සතියේ සක්‍රීයව පැවති පිලිපීන ගිනි කන්දකට කඩා වැටුණු කුඩා ගුවන් යානයක සිටි පුද්ගලයින් සිව් දෙනාගේම සිරුරු සහන කණ්ඩායම් කරුවන් විසින් සොයාගෙන තිබෙනවා.

පිලිපීන ගුවන් නියමුවන් දෙදෙනා සහ ඕස්ට්‍රේලියානු මගීන් දෙදෙනෙකු මිය ගිය පිරිස අතර වන බවයි බලධාරීන් තහවුරු කළේ.

ගුවන් යානා සුන්බුන් ගිනි කඳු ආවාටයේ සිට මීටර් 300 (අඩි 985) ක පමණ දුරකින් හමු වී තිබුණා.

පසුගිය ඉරිදා දිනයේ සිට යි ගවේෂණ කණ්ඩායම් මයෝන් ගිනි කන්දේ බෑවුම් ප්‍රදේශයේ මෙහෙයුම්වල නිරත වූයේ.

සිරුරු ආරක්ෂිතව ගොඩ ගැනීමේ අභියෝගයට සහන කණ්ඩායම් දැන් මුහුණ දී සිටිනවා.

පිලිපීන බලධාරීන් පවසන්නේ ගුවන් යානය කඩා වැටීමට හේතුව ද සොයා බැලීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

Cessna 340 ගුවන් යානය සෙනසුරාදා අතුරුදහන් වූයේ 2018 දී අවසන් වරට පුපුරා ගිය පිලිපීනයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනිකඳු වලින් එකක් වන මයොන් සිට කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටි ප්‍රාදේශීය ගුවන් තොටුපළකින් මැනිලා බලා පිටත්ව ගොස් ටික වේලාවකට පසුවයි.

ඕස්ට්‍රේලියානු රජය ද අද සිය පුරවැසියන් දෙදෙනාගේ මරණය තහවුරු කර තිබෙනවා. මියගොස් ඇති ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනා වන සයිමන් චිපර්ෆීල්ඩ් සහ කාර්ති සන්තානම් පිලිපීන බලශක්ති සමාගමක් වන Energy Corp හි උපදේශකයින් ලෙසටයි සේවය කර ඇත්තේ.

ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය ද අනතුරින් විපතට පත් වූවන්ගේ පවුල්වලට සිය ශෝකය පළ කළා.

මෙය මාස ගණනාවකට පසු පිලිපීනයේදී Cessna ගුවන් යානයක් අතුරුදන් වූ දෙවැනි අවස්ථාවයි.

පළමුවැන්න ජනවාරි 24 වන දින රේඩාර් පද්ධතියෙන් ගිලිහී ගිය අතර එය මෙතෙක් සොයා ගැනීමට හැකිවී නැහැ.

Cessna ගුවන් යානා සාමාන්‍යයෙන් පිලිපීන දූපත් සමූහයේ දූපත් අතර ප්‍රවාහනයට සහ ගුවන් නියමු පුහුණුව සඳහා භාවිතා කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?