පිලිපීන ගිනි කන්දක් අසලින් ගුවන් යානයක සුන්බුන් සහ සිරුරු හමුවෙයි

පසුගිය සතියේ සක්‍රීයව පැවති පිලිපීන ගිනි කන්දකට කඩා වැටුණු කුඩා ගුවන් යානයක සිටි පුද්ගලයින් සිව් දෙනාගේම සිරුරු සහන කණ්ඩායම් කරුවන් විසින් සොයාගෙන තිබෙනවා.

පිලිපීන ගුවන් නියමුවන් දෙදෙනා සහ ඕස්ට්‍රේලියානු මගීන් දෙදෙනෙකු මිය ගිය පිරිස අතර වන බවයි බලධාරීන් තහවුරු කළේ.

ගුවන් යානා සුන්බුන් ගිනි කඳු ආවාටයේ සිට මීටර් 300 (අඩි 985) ක පමණ දුරකින් හමු වී තිබුණා.

පසුගිය ඉරිදා දිනයේ සිට යි ගවේෂණ කණ්ඩායම් මයෝන් ගිනි කන්දේ බෑවුම් ප්‍රදේශයේ මෙහෙයුම්වල නිරත වූයේ.

සිරුරු ආරක්ෂිතව ගොඩ ගැනීමේ අභියෝගයට සහන කණ්ඩායම් දැන් මුහුණ දී සිටිනවා.

පිලිපීන බලධාරීන් පවසන්නේ ගුවන් යානය කඩා වැටීමට හේතුව ද සොයා බැලීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

Cessna 340 ගුවන් යානය සෙනසුරාදා අතුරුදහන් වූයේ 2018 දී අවසන් වරට පුපුරා ගිය පිලිපීනයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනිකඳු වලින් එකක් වන මයොන් සිට කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටි ප්‍රාදේශීය ගුවන් තොටුපළකින් මැනිලා බලා පිටත්ව ගොස් ටික වේලාවකට පසුවයි.

ඕස්ට්‍රේලියානු රජය ද අද සිය පුරවැසියන් දෙදෙනාගේ මරණය තහවුරු කර තිබෙනවා. මියගොස් ඇති ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනා වන සයිමන් චිපර්ෆීල්ඩ් සහ කාර්ති සන්තානම් පිලිපීන බලශක්ති සමාගමක් වන Energy Corp හි උපදේශකයින් ලෙසටයි සේවය කර ඇත්තේ.

ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය ද අනතුරින් විපතට පත් වූවන්ගේ පවුල්වලට සිය ශෝකය පළ කළා.

මෙය මාස ගණනාවකට පසු පිලිපීනයේදී Cessna ගුවන් යානයක් අතුරුදන් වූ දෙවැනි අවස්ථාවයි.

පළමුවැන්න ජනවාරි 24 වන දින රේඩාර් පද්ධතියෙන් ගිලිහී ගිය අතර එය මෙතෙක් සොයා ගැනීමට හැකිවී නැහැ.

Cessna ගුවන් යානා සාමාන්‍යයෙන් පිලිපීන දූපත් සමූහයේ දූපත් අතර ප්‍රවාහනයට සහ ගුවන් නියමු පුහුණුව සඳහා භාවිතා කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22
Video thumbnail
24 වෙනිදා රටම හොල්ලන සජබයේ උද්ඝෝෂණය ගැන ප්‍රබලයෙක් හෙළිකරයි
04:50