Empty Ad
Empty Ad
AFC Banner

පිලිපීනයෙන් මාස 08කට පසුව වඳුරු උණ ආසාදිතයෙකු හමුවෙයි

පිලිපීනයෙන් මේ වසරේ වාර්තා වන පළමු මන්කිපොක්ස් රෝගියා හමු ව තිබෙනවා.

රොයිටර්ස් මාධ්‍ය වාර්තා කළේ; එරටින් මෙම රෝගියා හඳුනාගෙන ඇත්තේ මැනිලා අගනුවරින් බවයි.

හෙතෙම මේ වනවිට දැඩි සෞඛ්‍ය ආරක්ෂිත රැකවල් මධ්‍යයේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර හෙතෙම විදෙස් රටක සංචාරය කර නොමැති බවයි හඳුනාගෙන ඇත්තේ.

පිලිපීනයේ පළමු වරට මන්කිපොක්ස් ආසාදිතයෙකු හමු වූයේ 2022 වසරේ දී වන අතර ඉන් පසුව 2023 දෙසැම්බර් මාසයේ වාර්තා වුණා.

රෝගියා 33 හැවිරිදි පිලිපීන ජාතිකයෙකු බවට සෞඛ්‍ය අංශ පවසනවා.

එහි ප්‍රකාශක ඇල්බට් ඩොමින්ගෝ පැවසුවේ, රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව යමක් පැවසිය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?