AFC Banner
Empty Ad
Empty Ad

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු මීට ටික වේලාවකට පෙර අභාප්‍රාප්ත වූ බව ලන්ඩනයේ බකින්හැම් රජ මාලිගය නිවේදය කළා.

පසුගිය කෙටි කාලය තුළ තරමක අසනීප තත්වයෙන් පසුවූ පිලිප් කුමරු හෙවත් එඩින්බරෝහි ආදිපාදවරයා මියයන විට 99 වන වියෙහි පසුවුනා.

දෙවන එළිසබෙත් රැජිණ බ්‍රිතාන්‍යයේ කිරුළ හිමිකරගෙන වසර 5කට පසු 1947 වසරේදී පිලිප් කුමරු සමග ආවාහ වන අතර ඔවුන් දෙදෙනා වසර 73ක කාලයක් අතිශය සාර්ථක විවාහ ජීවිතයක් ගත කළා.

මෙම පරමාදර්ශී එකතුව තුල මේ දෙපළ දරුවන් සිව් දෙනෙක් මුණුබුරු මිණිබිරියන් 8 දෙනෙක් සහ මී මුණුබුරු මිණිබිරියන් 10 දෙනෙකුගේ දරු සුරතල් දකින්නටත් වාසනාවන්ත වුණා.

පිලිප් කුමරුගේ අවසන් මොහොත පිළිබඳ  නිවේදනයක් නිකුත් කරන බකින්හැම් මාළිගාව පවසන්නේ ඔහු අද උදෑසන බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් වින්සර් මාළිගය තුලදී ඉතා සැනසිලිදායක මරණයක් හිමිකරගත් බවයි.

කෙසේවෙතත් පිලිප් කුමරුගේ අවසන් කටයුතු සිදුවන දිනයක් හෝ ආකාරයක් පිළිබඳ මෙතෙක් කිසිදු වාර්තාවක් නිකුත්කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?