යුදමය තත්ත්වයෙන් මෙරට ආර්ථිකයට වන බලපෑම ගැන සොයන්න සාකච්ඡාවක්

මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු විය හැකි බලපෑම සහ එය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

ඉදිරියේදී ඇති විය හැකි තත්ත්ව උපකල්පනය කළ නොහැකි වුවත්, සෑම ක්ෂේත්‍රයකම මතු වන නව වර්ධනයන් පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් සාමුහිකව මෙම අභියෝගය ජය ගැනීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඉන්ධන සහ ගෑස් සම්බන්ධව ඉදිරියේදී මතු විය හැකි අභියෝග සහ අවශ්‍ය තොග කළමනාකරණය කර ගැනීම පිළිබඳව මෙන්ම, සංචාරක, අපනයන, ආයෝජන ආදී අංශවලද ආහාර සුරක්ෂිතතාව සම්බන්ධව මතු විය හැකි තත්ත්ව සහ එමඟින් මෙරට උද්ධමනයට ඇති විය හැකි බලපෑමත් එය කළමනාකරණය කර ගැනීමට ගත යුතු පියවර පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාව මේ වන විට අත්පත් කර ගෙන තිබෙන ආර්ථික ස්ථාවරත්වයට සහ සාමාන්‍ය ජන ජිවිතයට ඇති වන බලපෑම අවම කර ගනිමින් උද්ධමනය පාලනය කිරීමේ ක්‍රමවේද පිළිබඳ අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

දැනට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වුවද, ඉදිරියේදී මතු විය හැකි අවදානම හමුවේ අවශ්‍ය තොග පවත්වා ගැනීම සහ එය කළමනාකරණයත්, ලෝක වෙළෙඳපොළේ සිදුවීමට නියමිත ඉන්ධන මිල උච්ඡාවචනයත් පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, මෙම තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද සොයා බැලුවා.

ගෑස් සංචිත පවත්වාගෙන යාමේදී ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා මතුව ඇති ගැටලු සහ ඊට විසඳුම් සෙවීම පිළිබඳව මෙන්ම, ඒ වෙනුවෙන් කෙටිකාලීනව අනුගමනය කළ හැකි උපායමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා.

සූවස් ඇළ සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි ස්ථාන වසා දැමීමෙන් නාවුක ගමනාගමනයට සිදු විය හැකි බාධා හේතුවෙන් කොළඹ වරායට ඇතිවිය හැකි බලපෑම අවමව තබා ගැනීම වෙනුවෙන් දීර්ඝකාලයක් ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන නාවුක සමාගම්වල ඉල්ලීම පරිදි ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා.

දැනට ප්‍රමාණවත් ආහාර සංචිත රට තුළ පවතින අතර, ඉදිරියේදී මතු විය හැකි අවදානම සලකමින් අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් සකස් කර තිබෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දුන්නා.

දැනට බලපෑමට ලක්ව ඇති සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට වගබලා ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් දුන්නා.

ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන යුරෝපා කලාපයේ සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ මැදපෙරදිග හරහා වන බැවින් මෙරට සංචාරක කර්මාන්තය අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් ගුවන් ගමනාගමනයේදී ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් තිබෙන බව සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන් අතර, ඒ සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් පැහැදිලි කළා.

ආයෝජන ක්ෂේත්‍රයේ මතු විය හැකි අවස්ථා ග්‍රහණය කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා, එහිදී සැලසුම් සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අතර, දත්ත මධ්‍යස්ථාන වැනි නව තාක්ෂණය යොදා ගනිමින් සිදු කරන ආයෝජන දිරි ගැන්වීම සඳහා සහන පැකේජයක් සකස් කිරීමටත්, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හාන්ස් විජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සොයා බැලීමටත් මුදල් අමාත්‍යාංශයට උපදෙස් දුන්නා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ජී. අපොන්සු, රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ,ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන රේඛීය ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44
Video thumbnail
මල්වානේ නිවසේ නවතම තත්ත්වය..ලොක්කොන්ගේ දේපළ එළියට ආවා කියලා කළබලයක් වෙලා
04:22
Video thumbnail
මිලියන 6000ක බැඳුම්කර වංචාවක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..සමාගමට දෙයියන්ගෙම පිහිටයි
06:31
Video thumbnail
කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56