පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු මීට ටික වේලාවකට පෙර අභාප්‍රාප්ත වූ බව ලන්ඩනයේ බකින්හැම් රජ මාලිගය නිවේදය කළා.

පසුගිය කෙටි කාලය තුළ තරමක අසනීප තත්වයෙන් පසුවූ පිලිප් කුමරු හෙවත් එඩින්බරෝහි ආදිපාදවරයා මියයන විට 99 වන වියෙහි පසුවුනා.

දෙවන එළිසබෙත් රැජිණ බ්‍රිතාන්‍යයේ කිරුළ හිමිකරගෙන වසර 5කට පසු 1947 වසරේදී පිලිප් කුමරු සමග ආවාහ වන අතර ඔවුන් දෙදෙනා වසර 73ක කාලයක් අතිශය සාර්ථක විවාහ ජීවිතයක් ගත කළා.

මෙම පරමාදර්ශී එකතුව තුල මේ දෙපළ දරුවන් සිව් දෙනෙක් මුණුබුරු මිණිබිරියන් 8 දෙනෙක් සහ මී මුණුබුරු මිණිබිරියන් 10 දෙනෙකුගේ දරු සුරතල් දකින්නටත් වාසනාවන්ත වුණා.

පිලිප් කුමරුගේ අවසන් මොහොත පිළිබඳ  නිවේදනයක් නිකුත් කරන බකින්හැම් මාළිගාව පවසන්නේ ඔහු අද උදෑසන බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් වින්සර් මාළිගය තුලදී ඉතා සැනසිලිදායක මරණයක් හිමිකරගත් බවයි.

කෙසේවෙතත් පිලිප් කුමරුගේ අවසන් කටයුතු සිදුවන දිනයක් හෝ ආකාරයක් පිළිබඳ මෙතෙක් කිසිදු වාර්තාවක් නිකුත්කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37