පිරිස් බලා සිටියදී මහ දහවල් කාන්තාවකට පිහියෙන් ඇන්න ප්‍රේමවන්තයා

අංගොඩ හංදියේ දී පිරිස් බලා සිටියදී ඊයේ දහවල් කාන්තාවකට පිහියෙන් ඇන තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසනවා.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි විවාහක කාන්තාවක් බවද පොලිසිය පවසන්නේ. සැකකරු 46 හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු තදින්ම මත්කුඩු වලට ඇබ්බැහිව සිටින්නෙකු බවයි පොලිසිය පැවසුවේ.

මෙම කාන්තාව විවාහක සැමියාගෙන් වෙන්වී අංගොඩ හංදියේ වෙළෙද සැලක සේවය කරමින් ජීවත් වන බවද පොලිසිය සදහන් කරන්නේ.

සැකකරුට කාන්තාව සම්බන්ධයෙන් ආදර හිතක් පහළ වී ඇය සේවය කරන වෙළෙඳ සැල ආසන්නට කිහිපය අවස්ථාවකදීම පැමිණ ඇයට ප්‍රේම යෝජනාගෙනවිත් ඇති බවත්, කාන්තාව එම යෝජනා ප්‍රතික්ෂේක කරමින් සැකකරුට බැන වැදී ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පවසනවා.

සිය යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා උරණ වු සැකකරු අද දහවල් අංගොඩ හංදියේ දී ඇය සේවය කරන වෙළෙඳ සැලවෙත පැමිණ පිහියෙන් ඇන ඇති බවද පොලිසිය සඳහන් කරයි.

කාන්තාවට පිහියෙන් ඇන පලායමින් සිටි සැකකරු සිද්ධිය වු ස්ථානයේ දීම අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
01:12:55
Video thumbnail
මාලිමා සභාපති - කාන්තාවකගේ අමුතු හාදකම නිසා ගමක් අමාරුවේ වැටෙයි
10:16
Video thumbnail
විදුලි අර්බුදයෙන් රාජ්‍ය වෙසක් උත්සවයටත් ගැටලුවක් ඇතිවෙයිද ?ජෙනරේටර් පාවිච්චි කරන්න
04:22
Video thumbnail
රටවල් 39කට මාස 6ක් සඳහා නොමිලේ සංචාරක වීසා - රටවල් 39ය - නලින්ද කියයි
02:01
Video thumbnail
පාස්කු මහ මොළකරුව බලන්න මහින්ද, ගෝඨා, සජිත් හැමෝම එයි
08:38
Video thumbnail
වැඩි මිලට පොහොර අලෙවි කළ පොහොර ගබඩාවක් වටලයි..ව්‍යාජ ලෙස පොහොර සකසලා ?
09:12
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
17:51
Video thumbnail
වීදුරු දොර නොදැක ඇතුලට යන්න ගිහින් වුණ වැඩේ
01:12
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.31
01:16:01
Video thumbnail
පොහොට්ටුවේ කාන්තාවක් ජනාධිපතිට රිදෙන්නම දෙයි
06:42