පිරිස් බලා සිටියදී මහ දහවල් කාන්තාවකට පිහියෙන් ඇන්න ප්‍රේමවන්තයා

අංගොඩ හංදියේ දී පිරිස් බලා සිටියදී ඊයේ දහවල් කාන්තාවකට පිහියෙන් ඇන තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසනවා.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි විවාහක කාන්තාවක් බවද පොලිසිය පවසන්නේ. සැකකරු 46 හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු තදින්ම මත්කුඩු වලට ඇබ්බැහිව සිටින්නෙකු බවයි පොලිසිය පැවසුවේ.

මෙම කාන්තාව විවාහක සැමියාගෙන් වෙන්වී අංගොඩ හංදියේ වෙළෙද සැලක සේවය කරමින් ජීවත් වන බවද පොලිසිය සදහන් කරන්නේ.

සැකකරුට කාන්තාව සම්බන්ධයෙන් ආදර හිතක් පහළ වී ඇය සේවය කරන වෙළෙඳ සැල ආසන්නට කිහිපය අවස්ථාවකදීම පැමිණ ඇයට ප්‍රේම යෝජනාගෙනවිත් ඇති බවත්, කාන්තාව එම යෝජනා ප්‍රතික්ෂේක කරමින් සැකකරුට බැන වැදී ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පවසනවා.

සිය යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා උරණ වු සැකකරු අද දහවල් අංගොඩ හංදියේ දී ඇය සේවය කරන වෙළෙඳ සැලවෙත පැමිණ පිහියෙන් ඇන ඇති බවද පොලිසිය සඳහන් කරයි.

කාන්තාවට පිහියෙන් ඇන පලායමින් සිටි සැකකරු සිද්ධිය වු ස්ථානයේ දීම අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11
Video thumbnail
දේශබන්දුට විරුද්ධව දාපු නඩුව නීතියට පටහැනියි - මහාධිකරණය තීන්දු කරයි
02:55
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51


?