AFC Banner
Empty Ad
Empty Ad

පිරිවෙන් අධ්‍යාපනය ආරක්ෂා කිරීමට රජයේ සහයෝගය අඛණ්ඩව – අගමැති

පිරිවෙන් අධ්‍යාපනය ආරක්ෂා කිරීමට රජය ලබාදුන් සහයෝගය අඛණ්ඩවම ලබාදෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

සීතාවකපුර නගර සභා ශාලාවේ දී පැවති උත්සවයකට ඊයේ (07) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසූයේ අපේ රටේ බුදු දහම සමඟ වෙනත් ආගම් පැවතියත් එම ආගම් සමඟ කිසිඳු ගැටළුවක් නොමැති බවයි.

එසේ වුව ද සම්බුද්ධ ශාසනයේ කොඳු නාරටිය මතින් ජාතියේ අන්‍යනයතාවය ගොඩනැගීමත් ශිෂ්ඨාචාරය ආරක්ෂාවීමත් සිදු වූ බවයි ඔහු සඳහන් කළේ.

ලෝකයේ පොහොසත් යැයි කියාගන්නා රටවල සිට අමාරුකමින් ජීවත්වන රටවල් දක්වා, අනුකරණවාදී විසඳුම් කරා ගමන් කිරීම හේතුවෙන් සමාජ අර්බුධයන් බවට පත්ව ඇති බව පැවසූ අග්‍රාමාත්‍යවරයා බුදු දහම ලෝකය සහ රජයට ඇති වගකීම් ඇතුළු කරුණු කිහිපයක් ගැන අදහස් දක්වා සිටියා.

මෙරට පිරිවෙන් ගුරු භවතුන් පුහුණු කිරීම සඳහා ඇති ප්‍රථම සහ එකම ආයතනය වන සීතාවක පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයයේ 2015/2016, 2017/2018 සහ 2019/2020 යන වර්ෂවලදී ගුරු පුහුණුව සාර්ථකව නිමකළ පිරිවෙන් ගුරු ස්වාමීන්වහන්සේලා වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබුණා.

වසර 67 ක ඉතිහාසය තුළ මෙම පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලය විසින් සංවිධානය කළ දෙවන නිල ප්‍රවීනාචාර්ය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය මෙය වන අතර, අවසන් වරට එවැනි උත්සවයක් පවත්වා තිබුණේ 2016 වසරේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?