පිරමීඩ මූල්‍ය වංචාවක සැකකාර වෛද්‍යවරයාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියෝග

“ඔන්මැක්ස් ඩී.ටී” නමැති නීතිවිරෝධී පිරමීඩාකාර මූල්‍ය ජාවාරම හරහා තැන්පත්කරුවන් සතු රුපියල් මිලියන ගණනක මුදල් වංචා සහගතව ලබාගෙන ඇති බව කියන සැකකාර වෛද්‍යවරයකුගේ සියලු බැංකු ගිණුම් පිළිබඳව වහාම විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකර විමර්ශනවලට අනුව එම සැකකාර වෛද්‍යවරයාද මෙම මූල්‍ය ජාවාරමට සම්බන්ධවී ඇති බවට කරුණු අනාවරණය වී බවත් ඔහු මෙම සිද්ධියේ එකොළොස්වැනි සැකකරු වශයෙන් නම් කර ඇති බැවන් ඔහුගේ බැංකු ගිණුම් පිළිබඳව විමර්ශනය කිරීමට නියෝගයක් ලබාදෙන ලෙසට මූල්‍ය අපරාධ කොට්ඨාසය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට තැන්පත්කරුවන්ගෙන් පැමිණිලි 13,000 ක් පමණ දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත ලැබී ඇති බවත් නීතිපතිවරයාගේ උපදෙස් මත එම සියලු පැමිණිලි සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දුන්නා.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් හය වන සැකකරු මේ වන විට විදෙස්ගතව සිටින එබැවින් ඔහු මෙරටට ගෙන්වා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙසට විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමට අධිකරණයෙන් අවසර හිමිවුණා.

මෙම සිද්ධියට මෙවන විට වසර දෙකකට අධික කාලයක් ගතව ඇතත් පැමිණිකාර තැන්පත්කරුවන්ට සාධාරණයක් සිදුව නැතිි බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කරන ලෙසට තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනීී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළමහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියා සිටියේ පැමිණිලිකරුවන්ට අදාළ මුදල් ලබාදීම සඳහා මහ බැංකුව සමග එකතු වී නිසි ක්‍රියාමාර්ග පිළිවෙතක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි.

සිද්ධියට අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය දෛනිකව ලැබෙන මෙම පැමිණිලි සඳහන්සඳහා නෛතික ක්‍රියාමාර්ග ගැනීමටත්, සැකකරුවන්ගේ ගිණුම් පිළිබඳව විමර්ශනය කර ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කිරීමටත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?