AFC Banner
Empty Ad
Empty Ad

‘පියුමා’ගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම අරඹයි

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සළිඳු මල්ෂික හෙවත් ‘කුඩු සළිඳු’ගේ ප්‍රධාන ගෝලයාවන පියුම් හස්තික නැමැත්තාගෙන් පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා.

‘පියුමා’ නැමති මෙම සැකකරු ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (16) පෙරවරුවේ දිවයිනට රැගෙන ආවා.

මෙම සැකකරුට එරෙහිව විවෘත වරෙන්තු 04ක් නිකුත් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොහු විසින් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන ‘කුඩු සළිඳු’ගේ වැඩිමහල් සහෝදරයා සමඟ රුපියල් මිලියන මුදල් 83ක ගනුදෙනු සිදුකර ඇති බවට ද අනාවරණ කරගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

පියුම් හස්තික හෙවත් පියුමා 2021 වසරේ ජනවාරි 25 වනිදා පානදුර උතුර පොලිස් වසමේ දී ලක්ෂාන් සඳරුවන් නැමැත්තා ඝාතනය කිරීම, 2020 වසරේ ජුනි මාසයේ 29 වැනිදා මොරටුව, කටුබැද්ද මංසන්ධියේ දී ද්විත්ව ඝාතනයක් සිදුකිරීම යන අපරාධවලට චෝදනා එල්ල වී තිබෙනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?