පියා කැපූ වැසිකිළි වළට වැටී පුතා මියගිහින්

පියා විසින් කපා තිබූ වැසිකිළි වළකට වැටී අවුරුදු 08ක දරුවෙක් අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් බගවන්තලාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව කිව් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි පාසලේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ හෙලෝන් සසාන් නැමැති පිරිමි ළමයෙක්.

වතුකම්කරුවෙකු විසින් අලුතින් ඉදිකරමින් පවතින නිවසට වැසිකිළියක් ඉදිකිරීම සඳහා අඩි 06ක පමණ ගැඹුරකින් යුත් වළක් කපා තිබෙනවා.

එම වළේ වැසි ජලය පිරී තිබෙන අවස්ථාවේ ඒ අසලින් ගමන් ගත් ළමයා වළට වැටෙන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

තම පුතා නිවසේ නොමැතිවීම හේතුවෙන් ඒ පිළිබදව සොයා බලා ඇති පියා, අත්වූ සැකයක් මත ඊයේ (03) පස්වරුවේ අලුතින් කපා තිබූ වැසිකිළිවල පරීක්ෂා කර තිබෙනවා.

එම අවස්ථාවේ දී වළ තුළ තිබී දරුවා සොයාගැනීමට හැකිව ඇති අතර, පසුව දික්ඔය මූලික රෝහල වෙත දරුවා රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

දරුවා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් ඔහු මියගොස් සිටි බවයි වෛද්‍යවරු පවසන්නේ.

මිය ගිය දරුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
9
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?