පියා කැපූ වැසිකිළි වළට වැටී පුතා මියගිහින්

පියා විසින් කපා තිබූ වැසිකිළි වළකට වැටී අවුරුදු 08ක දරුවෙක් අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් බගවන්තලාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව කිව් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි පාසලේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ හෙලෝන් සසාන් නැමැති පිරිමි ළමයෙක්.

වතුකම්කරුවෙකු විසින් අලුතින් ඉදිකරමින් පවතින නිවසට වැසිකිළියක් ඉදිකිරීම සඳහා අඩි 06ක පමණ ගැඹුරකින් යුත් වළක් කපා තිබෙනවා.

එම වළේ වැසි ජලය පිරී තිබෙන අවස්ථාවේ ඒ අසලින් ගමන් ගත් ළමයා වළට වැටෙන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

තම පුතා නිවසේ නොමැතිවීම හේතුවෙන් ඒ පිළිබදව සොයා බලා ඇති පියා, අත්වූ සැකයක් මත ඊයේ (03) පස්වරුවේ අලුතින් කපා තිබූ වැසිකිළිවල පරීක්ෂා කර තිබෙනවා.

එම අවස්ථාවේ දී වළ තුළ තිබී දරුවා සොයාගැනීමට හැකිව ඇති අතර, පසුව දික්ඔය මූලික රෝහල වෙත දරුවා රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

දරුවා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් ඔහු මියගොස් සිටි බවයි වෛද්‍යවරු පවසන්නේ.

මිය ගිය දරුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53