පියා විසින් පහර දුන් බව කියන සිද්ධියකට සිත් තැවුලට පත් පාසල් දැරියක් ඊයේ (01) පස්වරුවේ සිය නිවස තුළ දී ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ තලවකැලේ, වටගොඩ වත්ත ඉහළ කොටසේ පදිංචිව සිටි අවුරුදු 15ක පාසල් සිසුවියක් බවයි තලවකැලේ පොලිසිය පැවසුවේ.
මෙම සිසුවියගේ මව රැකියාවක් සදහා විදේශගතව සිටින අතර, පියාගේ පහර දීමෙන් සිත් තැවුලට පත් සිසුවිය සාරියක් භාවිත කරමින් මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මහේස්ත්රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
8
+1
1
+1
2




