AFC Banner
AFC Banner
Empty Ad

පියාගේ ටැටූ ගහන්න ඇවිත් ; දියණියට හදි කරලා

බේරුවල – බණ්ඩාරවත්ත ප්‍රදේශයේ නිවසකට ගොස් ටැටූ නිර්මාණයක් කළ; 18 හැවිරිදි ටැටූ නිර්මාණ ශිල්පියෙකු එම නිවසේ සිටි 14 හැවිරිදි දියණිය සමග හාදකමක් පවත්වා තිබෙනවා.

මෙම නිවසේ පදිංචි පුද්ගලයා ඔහුගේ මිත්‍රයකු මාර්ගයෙන් මෙම ටැටූ ශිල්පියා හඳුනාගෙන ඇති අතර ඔහු එම ටැටූ ශිල්පියාට දුරකථන ඇමතුමක් දී ඔහුට ටැටූ නිර්මාණයක් සිදු කර ගැනීමට අවශ්‍ය බව පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ නිවසට පැමිණෙන ලෙස එම තරුණයාට දුරකථන ඇමතුමක් ටැටූ අවශ්‍යතාව ඇති පුද්ගලයා විසින් ලබා දී තිබුණා.

එම දුරකථන ඇමතුමට අනුව එම ශිල්පියා සහ ඔහුගේ මස්සිනා ද සවස් කාලයේ එම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණ ඇති බවයි හෙළි ව ඇත්තේ.

ඉන්පසුව මෙම ටැටූ නිර්මාණය රාත්‍රිය පහන් වන තුරුම සිදු කිරීම නිසා එම නිවෙස් හිමියන් මෙම පුද්ගලයින් දෙදෙනාට රාත්‍රියේ තම නිවසේ නැවතී සිටීමට ද අවස්ථාව ලබා දී තිබෙනවා.

එදින රාත්‍රියේ මෙම ටැටූ නිර්මාණකරුවා එම දියණිය සමඟ සමීප සබඳතාවක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුදින උදෑසන තම නිවස බලා පැමිණි ටැටූ නිර්මාණකරුවා එම 14 හැවිරිදි බාලවයස්කාර දියණිය ද තම නිවස වෙත ගෙන්වාගෙන තිබුණා.

පසුව එම දියණිය අතුරුදන් බවට බේරුවල පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම දියණිය ටැටූ ශිල්පියා සමග මොරටුව ප්‍රදේශයේ නිවසක සිටින බවයි.

දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව එම සැකකරුට පොලිසිය වෙත පැමිණෙන ලෙස බේරුවල පොලිසිය වරින් වර නිවසට ගොස් පවසා තිබුණ ද ඔහු පොලිසියට පැමිණ නැහැ.

ඉන්පසුව පොලිසියේ මැදිහත්වීම මත එම 14 හැවිරිදි දියණිය ඔහු විසින්ම එම දියණියගේ මිත්තණියක් මාර්ගයෙන් නැවත බේරුවල නිවසට ඇරලවා තිබුණා.

බේරුවල පොලිසිය විසින් එම දියණියව කළුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව අනාවරණ වී ඇත්තේ, මෙම දියණියව ටැටූ ශිල්පියා විසින් දූෂණය කර ඇති බවයි.

අද (05) දිනයේ බේරුවල පොලිසියේ අපරාධ අංශයේ සහ බේරුවල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් එක්ව සිදුකළ මෙහෙයුමක දී මොරටුව ප්‍රදේශයේ දී සැකකාර ටැටූ ශිල්පියා බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු හෙට (06) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
22
+1
3
+1
3
+1
2
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?