පියාගේ ටැටූ ගහන්න ඇවිත් ; දියණියට හදි කරලා

බේරුවල – බණ්ඩාරවත්ත ප්‍රදේශයේ නිවසකට ගොස් ටැටූ නිර්මාණයක් කළ; 18 හැවිරිදි ටැටූ නිර්මාණ ශිල්පියෙකු එම නිවසේ සිටි 14 හැවිරිදි දියණිය සමග හාදකමක් පවත්වා තිබෙනවා.

මෙම නිවසේ පදිංචි පුද්ගලයා ඔහුගේ මිත්‍රයකු මාර්ගයෙන් මෙම ටැටූ ශිල්පියා හඳුනාගෙන ඇති අතර ඔහු එම ටැටූ ශිල්පියාට දුරකථන ඇමතුමක් දී ඔහුට ටැටූ නිර්මාණයක් සිදු කර ගැනීමට අවශ්‍ය බව පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ නිවසට පැමිණෙන ලෙස එම තරුණයාට දුරකථන ඇමතුමක් ටැටූ අවශ්‍යතාව ඇති පුද්ගලයා විසින් ලබා දී තිබුණා.

එම දුරකථන ඇමතුමට අනුව එම ශිල්පියා සහ ඔහුගේ මස්සිනා ද සවස් කාලයේ එම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණ ඇති බවයි හෙළි ව ඇත්තේ.

ඉන්පසුව මෙම ටැටූ නිර්මාණය රාත්‍රිය පහන් වන තුරුම සිදු කිරීම නිසා එම නිවෙස් හිමියන් මෙම පුද්ගලයින් දෙදෙනාට රාත්‍රියේ තම නිවසේ නැවතී සිටීමට ද අවස්ථාව ලබා දී තිබෙනවා.

එදින රාත්‍රියේ මෙම ටැටූ නිර්මාණකරුවා එම දියණිය සමඟ සමීප සබඳතාවක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුදින උදෑසන තම නිවස බලා පැමිණි ටැටූ නිර්මාණකරුවා එම 14 හැවිරිදි බාලවයස්කාර දියණිය ද තම නිවස වෙත ගෙන්වාගෙන තිබුණා.

පසුව එම දියණිය අතුරුදන් බවට බේරුවල පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම දියණිය ටැටූ ශිල්පියා සමග මොරටුව ප්‍රදේශයේ නිවසක සිටින බවයි.

දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව එම සැකකරුට පොලිසිය වෙත පැමිණෙන ලෙස බේරුවල පොලිසිය වරින් වර නිවසට ගොස් පවසා තිබුණ ද ඔහු පොලිසියට පැමිණ නැහැ.

ඉන්පසුව පොලිසියේ මැදිහත්වීම මත එම 14 හැවිරිදි දියණිය ඔහු විසින්ම එම දියණියගේ මිත්තණියක් මාර්ගයෙන් නැවත බේරුවල නිවසට ඇරලවා තිබුණා.

බේරුවල පොලිසිය විසින් එම දියණියව කළුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව අනාවරණ වී ඇත්තේ, මෙම දියණියව ටැටූ ශිල්පියා විසින් දූෂණය කර ඇති බවයි.

අද (05) දිනයේ බේරුවල පොලිසියේ අපරාධ අංශයේ සහ බේරුවල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් එක්ව සිදුකළ මෙහෙයුමක දී මොරටුව ප්‍රදේශයේ දී සැකකාර ටැටූ ශිල්පියා බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු හෙට (06) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

  1. බාල වයස්කාර දැරියක් දූෂණයට ලක් කිරීම හේතුවෙන් දැන් ඉතිං වසර 10ක් කූරු ගනින්න තමයි වෙන්නේ!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37