AFC Banner
Empty Ad
Empty Ad

පියාගේ ගිණුමේ මුදල් සොරකම ගැන ඇමති නාමල් කියූ දේ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ නිලධාරියෙකු විසින් සිය පියාගේ පෞද්ගලික ගිණුමෙන් විශාල මුදලක් සොරකම් කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ අනාවරණය කර සිටිනවා.

රාජ්‍ය බැංකුවක පවත්වාගෙන යන ගිණුමට පිවිසිය හැකි ATM කාඩ්පතක් භාවිත කරමින් අගමැතිවරයාගේ බැංකු ගිණුමෙන් මුදල් ලබාගෙන රුපියල් මිලියන ගණනක මූල්‍ය වංචාවක් සිදු කර ඇති බව අනාවරණය වීමෙන් පසු ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් කළ බව මුද්‍රිත මාධ්‍ය වාර්තා කර සිටියා.

එම වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ කියා සිටියේ අදාළ සිදුවීම පිළිබඳව තමන් දැනුවත් වූයේ මෙරට පුවත්පත් වල පළ වූ වාර්තා දැකීමෙන් පසුව බවයි.

“මම දැක්කා පත්තරේ එහෙම සිද්ධියක් ගැන වාර්තා. එවැනි සිදුවීමක් ගැන අපි සාකච්ඡා කර නැහැ. මම දන්න තාක් කල් එහෙම සිද්ධියක් වෙලා නැහැ.”

පසුගියදා අග්‍රාමාත්‍යවරයා ශල්‍යකර්මයකට භාජනය කළ බවට පළවන වාර්තා ද අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර සිටියා.

“මගේ පියා රෝහල් ගත කර ශල්‍යකර්මයකටද භාජනය කර ඇති බවට වාර්තා පළ වුණා. ඒක අසත්‍යයක්. මමයි තාත්තයි ගියේ ඉස්පිරිතාලෙ ඉන්න ලෙඩෙක් බලන්න විතරයි. වාර්තා වන පරිදි මගේ පියා කිසිදු ශල්‍යකර්මයකට භාජනය කර නැහැ,” ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?