පියාගේ ගිණුමේ මුදල් සොරකම ගැන ඇමති නාමල් කියූ දේ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ නිලධාරියෙකු විසින් සිය පියාගේ පෞද්ගලික ගිණුමෙන් විශාල මුදලක් සොරකම් කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ අනාවරණය කර සිටිනවා.

රාජ්‍ය බැංකුවක පවත්වාගෙන යන ගිණුමට පිවිසිය හැකි ATM කාඩ්පතක් භාවිත කරමින් අගමැතිවරයාගේ බැංකු ගිණුමෙන් මුදල් ලබාගෙන රුපියල් මිලියන ගණනක මූල්‍ය වංචාවක් සිදු කර ඇති බව අනාවරණය වීමෙන් පසු ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් කළ බව මුද්‍රිත මාධ්‍ය වාර්තා කර සිටියා.

එම වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ කියා සිටියේ අදාළ සිදුවීම පිළිබඳව තමන් දැනුවත් වූයේ මෙරට පුවත්පත් වල පළ වූ වාර්තා දැකීමෙන් පසුව බවයි.

“මම දැක්කා පත්තරේ එහෙම සිද්ධියක් ගැන වාර්තා. එවැනි සිදුවීමක් ගැන අපි සාකච්ඡා කර නැහැ. මම දන්න තාක් කල් එහෙම සිද්ධියක් වෙලා නැහැ.”

පසුගියදා අග්‍රාමාත්‍යවරයා ශල්‍යකර්මයකට භාජනය කළ බවට පළවන වාර්තා ද අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර සිටියා.

“මගේ පියා රෝහල් ගත කර ශල්‍යකර්මයකටද භාජනය කර ඇති බවට වාර්තා පළ වුණා. ඒක අසත්‍යයක්. මමයි තාත්තයි ගියේ ඉස්පිරිතාලෙ ඉන්න ලෙඩෙක් බලන්න විතරයි. වාර්තා වන පරිදි මගේ පියා කිසිදු ශල්‍යකර්මයකට භාජනය කර නැහැ,” ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14