පියපුතු දෙපළ ගමන් ගත් මොටෝ රිය පෙරළී මාරක අනතුරක් (ඡායාරූප)

ගම්පොළ – නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ඇත්ගාල නව නගරයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් ඊයේ (20) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 16 හැවිරිදි ළමයෙක් තුවාල ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරින් මියගොස් ඇත්තේ උලපනේ, සාක් ගම්මානයේ පදිංචිව සිටි හතළිස් තුන් හැවිරිදි අයෙක් වන අතර ඔහු ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්‌කල් නිලධාරියෙකු ලෙස සේවය කළ අයෙක්.

තුවාල ලැබූ ළමයා මියගිය පුද්ගලයාගේ පුත්‍රයා වන අතර ඔහු මේ වනවිට ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
3
+1
17
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?