දෙවන වර කියවන කොළඹ අයවැය ගැන පුරපතිනියගෙන් විශේෂ සටහනක්

එළඹෙන 31 වනිදා සිදුකරනු ලබන කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම සම්බන්ධයෙන් නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් එක්කර තිබෙනවා.

පොහොසත් නගරයක, ලස්සන ජීවිතයක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානය කිසිවිටක පසුපසට ගන්නේ නොමැති බවයි ඇය එහි සඳහන් කර ඇත්තේ.

අදාළ සටහන පහතින්.

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවනිවර කියවීම එළඹෙන 31ක් වෙනිදාට සිදුවෙනවා. ඒ නිසා අයවැය පිළිබඳ ඔබ නොදන්න කරුණු ටිකක් සහ එහි විනිවිදභාවය පිළිබඳ දැණුවත් කිරීම මගේ වගකීමක් ලෙස සැලකුවා.
සභාවක අයවැයක් කියන්නෙ හුදෙක් ඉලක්කම් හරඹයක් නෙමෙයි – එය අපි ඉදිරිපත් කරන කාර්‍යසාදන ප්‍රගතිය හා ලබන වසරේ සැළසුම් ඉදිරිපත් කරන ලේඛනයක්.
ගෙවීගිය 23/24 වර්ශයේ සභාවක් තිබ්බෙ නෑ. කොමසාරිස් පාලනය යටතේ ඉදිරිපත් වන අයවැය හා සභාවකින් ඉදිරිපත් වන අය වැය ක්‍රියාවලියම ගොඩක් සංකීර්ණ වැඩක්.
මේ සමස්ථ සංකීර්ණ ක්‍රියාවලිය යටතේ පවා ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කිරීම සභික හැමෝගේම බලාපොරොත්තුවක්. අපේ අයවැය නිර්මාණය කිරීමේදී අනුගමනය කල ක්‍රමවේදය කොළඹ පුරවැසියන් වෙන ඔබ දැනගත යුතුයි කියල මම හිතනවා.
අපේ සභාව පත්වෙලා සති කීපයක් යන්නත් කලින් අපි මේ අයවැය ක්‍රියාවලිය ආරම්භ කලා. පුරපතිනිය ලෙස මම ජූලි මාසයේදී නගරසභාවේ ආයතන 16ටම යෝජනා ලබාදෙන ලෙස සැවොම දැණුවත් කලා. මේ යෝජනා අගෝස්තු මාසය වන තෙක්ම ලබාදෙන්න අවස්ථාව විවෘතව තිබුනා. ආයතන වලට අමතරව පක්ෂ විපක්ෂ අපේ ගරු මන්ත්‍රීන් මන්ත්‍රීනියන් සියළුම දෙනාටම තම යෝජනා දෙන්න අවස්ථාවක් දුන්න. මේ යෝජනා සියල්ල අපි පක්ෂ විපක්ෂ බේදයකින් තොරව පුරවැසියන්ගේ පැත්තෙන් සලකා බැලුවා
අපි තව විශේෂ දෙයක් කලා— මෙවර ආයතනික ප්‍රධානීන්ට හා මන්ත්‍රීන් ට අමතරව අපේ සේවක මහත්ම මහත්මීන්ටත් ලිඛිතව යෝජනා ලබාදෙන්න අවස්ථාව දුන්නා. මම හිතනව මේ පියවර අපේ මේ අලුත් දේශපාලනය සංස්කෘතියේ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් කියල.
මේ ක්‍රියාවලියේ අමාරුම අවස්ථාව තමයි මේ යෝජනාවලට අවශ්‍ය මූල්‍යමය තත්වයන් පිළිබඳව සාකච්ඡා කර එකඟතාවයන්ට එලඹෙන එක.
මේ ක්‍රියාවලිය නොවැම්බර් මාසය තෙක් සිදුවුනා. ඊටපස්සෙ අඩුපාඩු හා නිවැරැදිතාව පිළිබඳ සමාලෝචනය වුනා.
මේ සියල්ල අවසානයේ මෙම කෙටුම්පත් අයවැය මුද්‍රණය කරලා, නැවත ස්ථාවර කමිටු 23ක් යටතේ සාකච්ඡා වෙනවා. මේ ක්‍රියාවලියට පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් හැමෝම ප්‍රජාතන්ත්‍රවාදීව සහභාගී වුනා.
මේ කෙටුම්පත මහජනතාවට පරිශීලනය කරන්න දින හතක් ලබාදුන්නා – අපි මේ පිළිබඳව නීතියට අනුව භාෂා තුනෙන්ම ප්‍රධාන පුවත්පත් තුනක් හරහා ඔබව දැනුවත් කලා. ව්‍යවස්ථවට අනුව මෙහි පිටපත් මහජන පුස්තකාලයේ හා අපේ නාගරික භාණ්ඩාගාරික තුමිය ලඟ තබා තිබුනා.
අවසානයේ පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීන් ඉන්න මුදල් පිළිබඳ කාරක සභාවන් දෙකකට මේ යෝජනාවලිය ඉදිරිපත් කලා. මේ අවස්ථාව තුල යෝජනා අගයන් හා වැරදි නිවැරැදි කිරීම් කරන්න පුලුවන්.
මේ ක්‍රියාවලිය හරහා සංශෝධනය වූ අපේ අයවැය 2025.12.22 මහ සභාවට මා ඉදිරිපත් කලේ එය සම්මත කරගැනීමට සභාවට අවස්ථාව ලබාදෙමින්.
“පොහොසත් නගරයක, ලස්සන ජීවිතයක්” නිර්මාණය කිරීමේ අධිෂ්ඨානය කිසිවිටක පසුපසට ගන්නේ නැත.

  1. CMC budget is only a procedural effort.
    In reality it is only a document.
    Actual performances are robbing looting and misleading. No law and orders.
    No government accepted adherence. Totally calculated fraud. 95% PERCENT A FINANCIAL CRIME.
    NO NEED TO TALK ABOUT A BUDGET. IT IS ONLY A PIECES OF GARBAGE.

  2. It is not a democratic council. Property of a Blind. Governs by a group of Blinds. Need to change the city ruling system. Ex. Convert to Government controlled Corporation. .existing system represents a Gang of Robbers. The largest financial crime in the country. Passing budget us a Joke.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37