කලාශූරී ලතා වල්පොලගේ අවසන් කටයුතු ලබන 31 වනදා රාජ්‍ය අනුග්‍රහය සහිතව

ප්‍රවීණ ගායන ශිල්පිණී කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ලබන බදාදා (31) දිනයේ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකරන බව පවුලේ ඥාතීන් දැනුම් දෙනවා.

අභාවප්‍රාප්ත කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද (28) පස්වරු 4.00 සිට ලබන 30 වන අඟහරුවාදා දක්වා මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබීමට නියමිතයි.

අනතුරුව ලබන 31 වන බදාදා උදැසන 9.00 සිට සවස 3.00 දක්වා රාජ්‍ය ගෞරවය සඳහා එතුමියගේ දේහය ටොරින්ටන් හි නිදහස්‍ චතුරශ්‍රයේ තැන්‍පත් කෙරෙනු ඇති.

කලාශූරී ලතා වල්පොල මහත්මියගේ අවසන් කැමැත්ත අනුව ඇයගේ දේහය ආදාහනය නොකරන අතර, දේහය බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කරන බවයි පවුලේ ඥාතීන් වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රවීණ ගායන ශිල්පිණී කලාශූරී ලතා වල්පොල මහත්මිය ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (27) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.

අභාවප්‍රාප්තවන විට ඇය 91 වන වියේ පසු වුණා.

ප්‍රවීණ ගායන ශීල්පි අභාවප්‍රාප්ත ධර්මදාස වල්පොල මහතාගේ ආදරණීය බිරිඳ වූ ලතා වල්පොල මහත්මිය දරුවන් පස්දෙනෙකුගේ මවක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37