පිපිරීමකින් අඹුසැමි යුවළකට තුවාල

රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් වයෝවෘද්ධ අඹු සැමි යුවළක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පිපිරීමෙන් අසල නවතා තිබූ ත්‍රීරෝද රථයකට ද අලාභ සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වයෝවෘද්ධ අඹුසැමි යුවළ නිවසට ඉදිරිපස පිහිටා ඇති ඉඩමක් සුද්ද පවිත්‍ර කර ගිනි තැබීමත් සමගම පිපිරීම සිදු වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පිපිරීමත් සමඟම එයින් විසි වූ කුඩා යකඩ බෝල අඹු සැමි යුවළගේ අත් පා වලට වැදී තුවාල සිදුවී තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අසල නවතා තිබූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස බඳ පෙදෙසට හා ඉදිරිපස වීදුරුවට පිපිරීමෙන් විසි වූ යකඩ බෝල ගැටී අලාභ හානි සිදු වී තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 68 ,62 වියෙහි පසුවන යුවළක්.

ඔවුන්ගේ දියණිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ නිවස අසාන්නයේ මිදුලේ කුණු කසළ පිලිස්සිමේදි යම් දෙයක් පිපිරීමෙන් තුවාල ලබා සිටි මව් පිය දෙපළ රෝහල් ගත කර බවයි.

ගල්කිස්ස පොලිසිය මගින් සිදුකළ විමර්ශනවලදී දැනගන්නට ලැබී ඇත්තේ ඩප්පි වර්ගයේ බොතල් බෝම්බයක් මෙලෙස පිපිරීමක් සිදුව ඔවුන් තුවාල ලබා ඇති බවයි.

පිපිරීම සිදුවූ ස්ථානය මේ වන විට ආවරණය කර ඇති අතර රජයේ රස පරීක්ෂකවරයා කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ පරීක්ෂණා නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26