spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පිපිරීමකින් අඹුසැමි යුවළකට තුවාල

රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් වයෝවෘද්ධ අඹු සැමි යුවළක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පිපිරීමෙන් අසල නවතා තිබූ ත්‍රීරෝද රථයකට ද අලාභ සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වයෝවෘද්ධ අඹුසැමි යුවළ නිවසට ඉදිරිපස පිහිටා ඇති ඉඩමක් සුද්ද පවිත්‍ර කර ගිනි තැබීමත් සමගම පිපිරීම සිදු වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පිපිරීමත් සමඟම එයින් විසි වූ කුඩා යකඩ බෝල අඹු සැමි යුවළගේ අත් පා වලට වැදී තුවාල සිදුවී තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අසල නවතා තිබූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස බඳ පෙදෙසට හා ඉදිරිපස වීදුරුවට පිපිරීමෙන් විසි වූ යකඩ බෝල ගැටී අලාභ හානි සිදු වී තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 68 ,62 වියෙහි පසුවන යුවළක්.

ඔවුන්ගේ දියණිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ නිවස අසාන්නයේ මිදුලේ කුණු කසළ පිලිස්සිමේදි යම් දෙයක් පිපිරීමෙන් තුවාල ලබා සිටි මව් පිය දෙපළ රෝහල් ගත කර බවයි.

ගල්කිස්ස පොලිසිය මගින් සිදුකළ විමර්ශනවලදී දැනගන්නට ලැබී ඇත්තේ ඩප්පි වර්ගයේ බොතල් බෝම්බයක් මෙලෙස පිපිරීමක් සිදුව ඔවුන් තුවාල ලබා ඇති බවයි.

පිපිරීම සිදුවූ ස්ථානය මේ වන විට ආවරණය කර ඇති අතර රජයේ රස පරීක්ෂකවරයා කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ පරීක්ෂණා නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?