කොළඹ – පිටකොටුවේ මහා වීදියේ ‘මේන් සිටි ප්ලාසා’ (Main City Plaza) ගොඩනැගිල්ලෙහි ගින්නක් හටගෙන තිබෙනවා.
අද (13) පෙරවරු 08.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තාකරු පැවසුවේ.
කොළඹ මහ නගර සභාව මගින් ගින්න නිවීමට ගිනි නිවන රථ 04ක් යොදා තිබෙනවා.
ගින්නට හසු වූ වෙළෙඳ සංකීර්ණයේ සුවඳ විලවුන් ඇතුළු විවිධ භාණ්ඩ අලෙවිසැලක් බවයි වාර්තා වන්නේ.
ගින්නෙන් එම වෙළෙඳසැල මුළුමනින් ම විනාශයට පත් ව තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර වෙළෙඳසැලේ ඇති වූ ගින්න දෙමහල් ගොඩනැගිල්ලට ද පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1