පිං කැටය කඩන්න ආව තරුණයාට වැඩ වරදී – CCTV දර්ශන සහිතයි

නාවලපිටිය ශ්‍රි පාද මුලික පිරිවෙනෙහි දේව ප්‍රතිමාවන් අසල සහ බුදු මැදුරෙහි තිබෙන පිං කැටය කඩා එහි මුදල් සොරාගැනිමට පැමිණි සැකකරුවෙකු නාවලපිටිය පොලිසිය විසින් (19) දින අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා

නාවලපිටිය ශ්‍රි පාද මුලික පිරිවෙනෙ තිබෙන පිං කැට මිට ප්‍රථම අවස්තා කිහිපයකදි සොරුන් විසින් කඩා මුදල් රැගෙන යාම නිසා එම පිරිවෙනෙහි ආරක්ෂිත කැමරා පද්ධති සවි කිරිමට එම පිරිවෙනෙහි විහරාධිපති රබැවේ ප්‍රභාෂ්වර හිමියන් කටයුතු කර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (18) දින රාත්‍රි 9.45 ට පමණ පිරිවෙනට පැමිණි තරුණයෙකු දේව ප්‍රතිමාව අසල සහ බුදු මැදුරෙහි තිබෙන පිං කැටය කැඩීමට උත්සහ දරන අයුරු විහාරාධිපතිහිමියන් විසින් දැක සැකකරු අල්ලා ගැනිමට උත්සහ කිරිමේදි සැකකරු පලාගොස් තිබෙනවා.

පසුව විහාරාධිපති හිමියන් විසින් නාවලපිටිය පොලිසියට කරන ලද දැනුම්දීමක් මත සැකකරු නාවලපිටිය සොයිසාපුර ප්‍රදේශයේ සැගව සිටියදී නාවලපිටිය පොලිසියේ රාත්‍රි ජංගම මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු 27 හැවිරිදි නාවලපිටිය මැදගහවතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු මත්ද්‍රව්‍යය වලට අබ්බැහිවූවෙකු බවයි නාවලපිටිය පොලිසිය විසින් දැනට කරන ලද මුලික විමර්ෂණ වලිද අනාවරණය වි ඇත්තේ.

සැකකරු නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?