AFC Banner
Empty Ad
Empty Ad

පැහැරගෙන යන පුතාව බේරගන්න මග හරස් කළ පියා අවසන් ගමන් යයි

මැර කණ්ඩායමක් පැමිණ තරුණයෙක් පැහැරගෙන යද්දී; මග හරස් කළ පියාවත් ඝාතනය කරයි

ඇහැළියගොඩ – පරකඩුව, මෙනේරපිටිය ප්‍රදේශයේ නිවසකට පොලිසිය යැයි පවසා ඇතුල් වී, එහි සිටි 23 හැවිරිදි තරුණයෙක් පැහැරගෙන යාමට උත්සාහ කිරීමේ දී; මැර කණ්ඩායම යන මග හරස් කළ තරුණයාගේ පියාව ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය ඊයේ (21) රාත්‍රියේ දී සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරුගේ පුත්‍රයාව නාඳුනන පිරිස විසින් ජීප් රියකට නංවා ගනිමින් පැහැරගෙන යාමට උත්සාහ කිරීමේ දී මරණකරු ජීප් රියෙහි මග හරස් කර තිබෙනවා.

එහිදී මැර පිරිස අදාළ පියාව යට කර පලා ගොස් ඇති බවත්; පැහැරගැනීමට ලක් වූ 23 හැවිරිදි තරුණයාව අම්බලම්පිටිය ප්‍රදේශයේ මාර්ගයේ දී රථය නවතා ඔහුට පහර දී මුහුණට ඇසිඩ් වත්කර දමා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ජීප් රියට යට වූ 63 හැවිරිදි පියා ඇහැළියගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ තරුණයා මේ වනවිට රත්නපුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

අසල්වාසී පවුලක් සමග කලක සිට පවතින ආරවුලක් මෙම ඝාතනයට සහ අපරාධවලට සම්බන්ධ බව ද හෙළිව තිබෙනවා.

කෙසේවෙතත් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?