පැහැරගෙන යන පුතාව බේරගන්න මග හරස් කළ පියා අවසන් ගමන් යයි

මැර කණ්ඩායමක් පැමිණ තරුණයෙක් පැහැරගෙන යද්දී; මග හරස් කළ පියාවත් ඝාතනය කරයි

ඇහැළියගොඩ – පරකඩුව, මෙනේරපිටිය ප්‍රදේශයේ නිවසකට පොලිසිය යැයි පවසා ඇතුල් වී, එහි සිටි 23 හැවිරිදි තරුණයෙක් පැහැරගෙන යාමට උත්සාහ කිරීමේ දී; මැර කණ්ඩායම යන මග හරස් කළ තරුණයාගේ පියාව ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය ඊයේ (21) රාත්‍රියේ දී සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරුගේ පුත්‍රයාව නාඳුනන පිරිස විසින් ජීප් රියකට නංවා ගනිමින් පැහැරගෙන යාමට උත්සාහ කිරීමේ දී මරණකරු ජීප් රියෙහි මග හරස් කර තිබෙනවා.

එහිදී මැර පිරිස අදාළ පියාව යට කර පලා ගොස් ඇති බවත්; පැහැරගැනීමට ලක් වූ 23 හැවිරිදි තරුණයාව අම්බලම්පිටිය ප්‍රදේශයේ මාර්ගයේ දී රථය නවතා ඔහුට පහර දී මුහුණට ඇසිඩ් වත්කර දමා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ජීප් රියට යට වූ 63 හැවිරිදි පියා ඇහැළියගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ තරුණයා මේ වනවිට රත්නපුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

අසල්වාසී පවුලක් සමග කලක සිට පවතින ආරවුලක් මෙම ඝාතනයට සහ අපරාධවලට සම්බන්ධ බව ද හෙළිව තිබෙනවා.

කෙසේවෙතත් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38