පැලවත්තේදී ලක්ෂ 25ක හෑෂ් ඔයිල් අත්අඩංගුවට

තලංගම පැලවත්ත ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා හෑෂ් ඔයිල් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක් අඩංගු බෝතල් 6ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියට අදාළව එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කලේ.