AFC Banner
Empty Ad
Empty Ad

පැරිස් ඔලිම්පික් උලළෙන් සමාජ මාධ්‍ය කැළඹු තුර්කි වෙඩික්කරුවා

තුර්කි එයාර් පිස්ටල් (ගුවන් පිස්තෝල) වෙඩික්කරු යූසුෆ් ඩිකෙක් මේ වනවිට 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ වැඩි අවදානයක් යොමු වූ ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා.

51 හැවිරිදි මෙම ක්‍රීඩකයා එයාර් පිස්ටල් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකි වූ අතර, ඔහු මෙම තරග ඉසව්වට සහභාගී වූයේ අවම ආම්පන්න සමඟයි.

විශේෂ ඇස් කාච, ඇස ආවරණ හෝ කන් ආරක්‍ෂිත ආවරණ නොපැළඳ මෙම තරගය සඳහා එක්වීමත් සමඟ යූසුෆ් ඩිකෙක් කෙරෙහි මෙලෙස වැඩි අවදානයක් යොමුව තිබෙනවා.

තරගය තුළ මෙම ක්‍රීඩකයා තම කලිසම් සාක්කුවට එක අතක් දමාගෙන ඉතා සැහැල්ලු ලෙස ක්‍රීඩාකරන අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ වනවිට එක්ස් ඇතුළු සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
1
+1
11
+1
3
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?