AFC Banner
Empty Ad
Empty Ad

පැරිස් ඔලිම්පික් උලෙළ අදින් ඇරඹෙයි – විරේන් නෙත්තසිංහ හෙට තරග බිමට

ප්‍රංශයේ පැරිස් ඔලිම්පික් උලෙළ අද (26) ආරම්භ වනවා.

මෙම ඔලිම්පික් උලෙළ එළඹෙන අගෝස්තු මස 11 වැනි දින තෙක් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව පැරිස් නුවර ඇති ප්‍රධාන නගර 16ක් කේන්ද්‍ර කරගනිමින් මෙම තරග පැවැත්වෙනු ඇති.

මෙවර තරගාවලියට රටවල් 206ක් නියෝජනය කරමින් තරග ඉසව් 32කට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,714ක් එක් ව සිටිනවා.

ශ්‍රී ලංකාවෙන් ද බැඩ්මින්ටන් සහ මලල ක්‍රීඩා ඉසව් සඳහා තරගකරුවන් සිව්දෙනෙකු පිටත් ව ගියේ මෙවන් පසුබිමක් තුළයි.

එමෙන්ම මෙවර ඔලිම්පික් වෙනුවෙන් එක් වන ළාබාලතම ක්‍රීඩකයා වන්නේ ද ශ්‍රී ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහයි.

විරේන් සහ හෙල්ල විසි කිරීමේ ශූරී දිල්හානි ලේකම්ගේ හට අද දිනයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ධජය ගෙන යාමේ වගකීම ද පැවරී තිබෙනවා.

මෙවර ඔලිම්පික් තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු ව විරේන් නෙත්තසිංහ තරග බිමට එක් වනු ඇති.

විරේන් නෙත්තසිංහ එක් වන පළමු තරගය හෙට (27) පස්වරු 2.30ට පැවැත්වෙනවා.

ඒ ඔහුට මෙම තරගාවලියේ බැඩ්මින්ටන් තරග ඉසව්වෙන් අවසන් 16 දෙනා අතරට එක්වීම සඳහා පැවැත්වෙන පළමු මූලික තරගය ද මෙය වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?