පැරිස් ඔලිම්පික් උලෙළ අදින් ඇරඹෙයි – විරේන් නෙත්තසිංහ හෙට තරග බිමට

ප්‍රංශයේ පැරිස් ඔලිම්පික් උලෙළ අද (26) ආරම්භ වනවා.

මෙම ඔලිම්පික් උලෙළ එළඹෙන අගෝස්තු මස 11 වැනි දින තෙක් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව පැරිස් නුවර ඇති ප්‍රධාන නගර 16ක් කේන්ද්‍ර කරගනිමින් මෙම තරග පැවැත්වෙනු ඇති.

මෙවර තරගාවලියට රටවල් 206ක් නියෝජනය කරමින් තරග ඉසව් 32කට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,714ක් එක් ව සිටිනවා.

ශ්‍රී ලංකාවෙන් ද බැඩ්මින්ටන් සහ මලල ක්‍රීඩා ඉසව් සඳහා තරගකරුවන් සිව්දෙනෙකු පිටත් ව ගියේ මෙවන් පසුබිමක් තුළයි.

එමෙන්ම මෙවර ඔලිම්පික් වෙනුවෙන් එක් වන ළාබාලතම ක්‍රීඩකයා වන්නේ ද ශ්‍රී ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහයි.

විරේන් සහ හෙල්ල විසි කිරීමේ ශූරී දිල්හානි ලේකම්ගේ හට අද දිනයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ධජය ගෙන යාමේ වගකීම ද පැවරී තිබෙනවා.

මෙවර ඔලිම්පික් තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු ව විරේන් නෙත්තසිංහ තරග බිමට එක් වනු ඇති.

විරේන් නෙත්තසිංහ එක් වන පළමු තරගය හෙට (27) පස්වරු 2.30ට පැවැත්වෙනවා.

ඒ ඔහුට මෙම තරගාවලියේ බැඩ්මින්ටන් තරග ඉසව්වෙන් අවසන් 16 දෙනා අතරට එක්වීම සඳහා පැවැත්වෙන පළමු මූලික තරගය ද මෙය වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03