පැය 04 ක් බැගින් විදුලිය කප්පාදුවක්

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන නොමැති වීම හමුවේ අද සහ හෙට දෙදින සමස්ත ශ්‍රී ලංකාවට පැය 04 ක් බැගින් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප 20 ට පෙරවරු 08.00 සිට පස්වරු 05.30 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 15 ක් ද, පස්වරු 05.30 සිට රාත්‍රී 10.45 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 45 ක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කලා.