පැතුම් වසරේ ලකුණු 1000 සීමාව පසු කළ දෙවැන්නා බවට පත්වෙයි

වසරක දී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙහි ලකුණු 1000 සීමාව ඉක්ම වූ ලැයිස්තුවේ දෙවැනි තැන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට හිමිව තිබෙනවා.

පැතුම් මෙම සුවිශේෂී වාර්තාවට හිමිකම් කියා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වසර 06කට පසුවයි.

මීට පෙර එම වාර්තාවට හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග හිමිකම් කිව්වා.

ඒ 2017 වර්ෂයේ දීයි.

පැතුම් ඊයේ දිනයේ දී සිය 14 වැනි එක්දින අර්ධ ශතකය ලබා ගැනීමත් සමගයි ඔහු ලකුණු 1000 සීමාව (වර්ෂයක් තුළ) පසුකර ගියේ.

ඒ අනුව මෙම වසර තුළ පැතුම් එක්දින ලකුණු 1000 සීමාව පසු කිරීමට ද සමත් ව ඇත්තේ සමස්ත ලකුණු 1001ක් ලබා ගනිමින්.

මෙම ලැයිස්තුවේ පළමු තැන ඉන්දීය ක්‍රීඩක ශුබ්මන් ගිල්ට හිමි ව තිබෙනවා.

තෙවැනියා බවට පත් ව ඇත්තේ ද ඉන්දීය පිතිකරුවෙකු මෙන් ම නායකයෙකු වන රෝහිත් ෂර්මා යි.

මෙම පස් දෙනෙකුගෙන් යුත් ලැයිස්තුවේ වැඩි ඉඩක් ඉන්දීය පිතිකරුවන් තිදෙනෙකුට හිමි ව තිබෙනවා.

ඒ පිළිවෙළින් මුල් පුටුව ගිල්ටත්, තෙවැනි තැන රෝහිත්ටත්, සිව්වැනි තැන කින්ග් කෝලිටයි.

පස්වැනි තැන හිමිව ඇත්තේ එක්සත් අරාබි එමීර් හි අසිෆ් ඛාන් හටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?