පැතුම් වසරේ ලකුණු 1000 සීමාව පසු කළ දෙවැන්නා බවට පත්වෙයි

වසරක දී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙහි ලකුණු 1000 සීමාව ඉක්ම වූ ලැයිස්තුවේ දෙවැනි තැන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට හිමිව තිබෙනවා.

පැතුම් මෙම සුවිශේෂී වාර්තාවට හිමිකම් කියා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වසර 06කට පසුවයි.

මීට පෙර එම වාර්තාවට හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග හිමිකම් කිව්වා.

ඒ 2017 වර්ෂයේ දීයි.

පැතුම් ඊයේ දිනයේ දී සිය 14 වැනි එක්දින අර්ධ ශතකය ලබා ගැනීමත් සමගයි ඔහු ලකුණු 1000 සීමාව (වර්ෂයක් තුළ) පසුකර ගියේ.

ඒ අනුව මෙම වසර තුළ පැතුම් එක්දින ලකුණු 1000 සීමාව පසු කිරීමට ද සමත් ව ඇත්තේ සමස්ත ලකුණු 1001ක් ලබා ගනිමින්.

මෙම ලැයිස්තුවේ පළමු තැන ඉන්දීය ක්‍රීඩක ශුබ්මන් ගිල්ට හිමි ව තිබෙනවා.

තෙවැනියා බවට පත් ව ඇත්තේ ද ඉන්දීය පිතිකරුවෙකු මෙන් ම නායකයෙකු වන රෝහිත් ෂර්මා යි.

මෙම පස් දෙනෙකුගෙන් යුත් ලැයිස්තුවේ වැඩි ඉඩක් ඉන්දීය පිතිකරුවන් තිදෙනෙකුට හිමි ව තිබෙනවා.

ඒ පිළිවෙළින් මුල් පුටුව ගිල්ටත්, තෙවැනි තැන රෝහිත්ටත්, සිව්වැනි තැන කින්ග් කෝලිටයි.

පස්වැනි තැන හිමිව ඇත්තේ එක්සත් අරාබි එමීර් හි අසිෆ් ඛාන් හටයි.