පැතුම්ගෙන් සුපිරි ඉනිමක්‌ – ශ්‍රී ලංකාවෙන් ලකුණු 153ක ඉලක්කයක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ මේ වනවිට පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 152ක් රැස්කිරීමට සමත් වුණා.

එහිදී සුපිරි නිමක් දියත් කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 60ක් තුළ ලකුණු 74ක් රැස් කළා.

මෙම තරගයේ දී මෙවර තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නට එක්සත් අරාබි එමීර් දඟ පන්දු යවන ක්‍රීඩක කාර්තික් මෙයියප්පන්ට හැකියාව ලැබුණා.

එහිදී භානුක රාජපක්ෂ,චරිත් අසලංක සහ දසුන් ශානක කාර්තික්ගේ ගොඳුරු බවට පත් වුණා.

මෙම තරගය ජය ගැනීමට එක්සත් අරාබි එමීර් කණ්ඩායමට ලකුණු 153ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?