AFC Banner
Empty Ad
Empty Ad

පැට් කමින්ස් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානුවෝ, ඉන්දියානුවන් හඬවා ලෝක ශූරතාව දිනාගනී (ඡායාරූප)

සත්කාරක ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් සිය 06 වන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන දිනාගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ, අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවති 2023 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය කඩුලු 06කින් ජය ගනිමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ සියල්ලන් දැවී ලකුණු 240ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදුන් මැදපෙළ පිතිකරු ලෝකේශ් රාහුල් පන්දු 107ක් තුළ ලකුණු 66ක් රැස් කිරීමට සමත් වුණා.

සෑමදාම ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට අත දිගහැර පහර දෙන නායක රෝහිත් ශර්මා අද දිනයේ ඉන්දීය ලකුණු පුවරුවට ලකුණු 47ක් එක් කළේ පන්දු 31කට මුහුණ දෙමින්.

ඔහුගේ මෙම ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 04ක් ඇතුළත් වූ අතර, ඉන්දීය ඉනිම වෙනුවෙන් වාර්තා වූ හයේ පහරවල් තුනම ඔහු විසින් එල්ලකරනු ලැබුවා.

ඊට අමතරව විරාට් කෝලි මෙම තරගයේ දී ලකුණු 54ක් රැස් කිරීමට සමත් වූ අතර, අනෙකුත් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවට ළඟාවීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

ආරම්භයේ සිටම දැඩි පීඩනයක් එල්ල කරමින් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉන්දීය පිතිකරුවන් අසීරුතාවයට පත්කරන ආකරය දැකගත හැකි වුණා.

කඩුලු දවාගැනීමේ දී මිචෙල් ස්ටාක් ලකුණු 55කට කඩුලු 03ක් බිඳ දැමූ අතර, නායක පැට් කමින්ස් සහ ජොෂ් හේසල්වුඩ් කඩුලු 02ක බැඟින් බිඳ දැමුවා.

ඒ, අනුව ලකුණු 240කට ඉන්දීය ඉනිම සීමා වූ අතර, ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 241ක ඉලක්කයක් ඕස්ට්‍රේලියාවට හිමි වුණා.

අනතුරව පිළිතුරු ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියාවේ පළමු කඩුලු 03 ලකුණු 50කටත් අඩු සංඛාවක දී දවාගන්නට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

කෙසේ වෙතත් පිටියේ ස්ථාවර වූ ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් සහ මැදපෙළ පිතිකරු මාර්නස් ලැබුස්චේන් ඕස්ට්‍රේලියානු ජය මාවත සකසා දුන්නා.

ඒ, අතර වාරයේ ට්‍රැවිස් හෙඩ් එක්දින දිවියට අමරණීය මතකයක් එක්කර ගනිමින් සිය 05වන ජගත් එක්දින ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

මෙහි දී තරගය විස්තර විචාරයේ දී සිටි විස්තර විචාරකයින් 1996 වසරේ ශ්‍රී ලංකා ලෝක කුසලානය ජයග්‍රගණය සිහිපත් කරමින් අරවින්ද ද සිල්වා ලබාගත් ශතකය ගැන ද මතකය ආවර්ජනය කළා.

ට්‍රැවිස් හෙඩ් මෙම තරගයේ දී රැස්කළ ලකුණු සංඛ්‍යාව 137ක්.

මේ අතර අනෙක් අන්තයෙන් ට්‍රැවිස් හෙඩ්ට අනෙගි සහායක් ලබාදුන් මාර්නස් ලැබුස්චේන් ඕස්ට්‍රේලියානු ඉනිමට ලකුණු 58ක් එක්කළා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිත් බුම්රා කඩුලු 02ක්, මොහොමඩ් ෂාමි සහ මොහොමඩ් සිරාජ් අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියා.

ඒ, අනුව පන්දුවාර 43ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 241ක ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් කෝටි 140ක් වූ ඉන්දියානු ප්‍රේක්ෂකයින් හඬවා ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම 2023 එක්දින ක්‍රිකට් ලෝක ශූරතාවයට හිමිකම් කීමට සමත් වුණා.

371697
371698
402664092 743258917835822 9205871694542131800 n 2
402082460 743258877835826 211437939303218862 n 2
AHMEDABAD, INDIA – NOVEMBER 19: Marnus Labuschagne and Glenn Maxwell of Australia celebrate after winning the ICC Men’s Cricket World Cup following the ICC Men’s Cricket World Cup India 2023 Final between India and Australia at Narendra Modi Stadium on November 19, 2023 in Ahmedabad, India. (Photo by Robert Cianflone/Getty Images)
402115535 743258814502499 1564536171512359385 n 1
402067832 743258741169173 5708519141351944818 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
49
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ජනාධිපති, සජිත් අගමැති..?
Video thumbnail
ඔබේ මනස අහිතකර දේවල් වලින් ගලවා ගන්නේ කෙසේද?
07:26
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16

?