පාළු ප්‍රදේශයක දී පුද්ගලයෙකුගේ ශරීරයට ටයර් දමා පුළුස්සා ඝාතනය කෙරේ

බුලත්සිංහල – නාගහදොළ ප්‍රදේශයේ පාළු මාර්ගයක දී පුද්ගලයෙකු පුළුස්සා ඝාතනය කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ අමරසිංහ බන්දුල නිශාන්ත නමැති මාහිංගල – පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මරණකරුව ඝාතනය කර,ඔහුගේ මියගිය සිරුර මාර්ගයට ආසන්නයේ මුනින් අතට තබා ඒ මතට ටයර් දමා ගිනි තබා ඇති අතර එම මුළු ප්‍රදේශය ම සම්පූර්ණයෙන් ම ගිනිබත් ව තිබෙනවා.

මියගිය තැනැත්තාගේ හිස කොටසේ දරුණු කැපුම් තුවාලයක් ද දක්නට ලැබෙන බවත් කලවා ප්‍රදේශයේ සිට පපු කොටස දක්වා ටයර් දමා පුළුස්සා ඇති බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

මරණකරුට අයත් ත්‍රීවිල් රථය ද මියගිය ස්ථානයට මීටර් 50ක් දුරින් තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

මියගිය පුද්ගලයා අද (28) උදෑසන 10.00ට පමණ නිවසින් පිටවී ඇති බව පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ නිලධාරීන් පැමිණ පරීක්ෂණ අරඹා ඇති අතර මතුගම මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
2
+1
5
+1
2
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?